පවතින බව දන්නා නමුත් සාම්ප්‍රධායික භෞතික විද්‍යාවට අභියෝග කරන මොනාද මේ ආන්ත වස්තූන් part 2 | Extream Objects part 2
කලින් මන් අරන් ආපු විශ්වයේ තියෙන ආන්ත වස්තූන් ගැන post එකේ part 2 තමා මේ. ඔයා පලවෙනි කොටස බලපු නැති කෙනෙක් නම් මුලින් මේ link එකෙන් ගිහින් ඒක කියවලම මේක කියවන්න එන්න.
https://metrixlk.blogspot.com/2025/04/extream-objects.html
5. Neutron star
නියුට්‍රෝන තාරකාවක් කියන්නේ ඉන්ධන අවසන් අවසන් වීම නිසා කඩා වැටුණු දැවැන්ත තාරකාවක්. ඒ කියන්නේ සුපර්නෝවා පිපිරුමකින් පසුව තාරකාවක ඉතිරි වන හරය සූර්යයාගේ ස්කන්ධය මෙන් තුන් ගුණයකට වඩා අඩු නම් අන්න ඒවා නියුට්‍රෝන තරු බවට පත් වෙනවා.
මේ නියුට්‍රෝන තාරකාවක සෑම ප්‍රෝටෝනයක් හා ඉලෙක්ට්‍රෝනයක්ම එකට තලලා නියුට්‍රෝනයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ නියුට්‍රෝන තරුවක 90%ක් විතර තියෙන්නේ නියුට්‍රෝන. මේව මිය යමින් පවතින විශාල සූර්යයෙක්ගෙන් හැදුනට සාමාන්‍යයෙන් නියුට්‍රෝන තාරකාවක් සදාකාලිකව පවතින දෙයක් කියලා තමා පිලිගැනෙන්නේ. අමරණීය කියන්නේ සෑහෙන කාලයක් පවතිනවා. ආයුකාලය තරුවේ ස්කන්ධය, උෂ්ණත්වය හා අනෙකුත් සාධක මත රදා පවතිනවා.
මේ නියුට්‍රෝන තරු සාමාන්‍ය තාරකා වගේ තාපයක් නිපදවන්නේ නෑ. හැබැයි ඒවා හැදෙන අවස්ථාවේදී කෙල්වින් මිලියන 10ක් තරම් උණුසුම් වෙලා ක්‍රමයෙන් සිසිල් වෙනවා. ඒ වගේම මේ නියුට්‍රෝන තරු ඒවායේ ශක්තිමත් ගුරුත්ව ක්ෂේත්‍ර නිසා අනතුරුදායකයි. නියුට්‍රෝන තාරකාවක් අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඇතුල් වුණොත් ග්‍රහලෝක කක්ෂ වලින් ඉවතට විසි වෙන්න උනත් පුලුවන්.
ඒ වගේම වඩාත් ග්‍රහලෝක වලට ලං උණොත් ග්‍රහලෝක කැඩී බිදී යා හැකි තරමේ වඩ දිය බා දිය ඇති වෙන්න පුලුවන් මේ නිසා. හැබැයි අපි දන්න ආසන්නතම නියුට්‍රෝන තාරකාව තියෙන්නෙත් ආලෝක වර්ෂ 500 ක් පමණ ඈතින්. ඊලගට කතා කරන දෙකත් නියුට්‍රෝන තාරකා වලට සම්භන්ධ නිසා මේ කතාව මෙතනින් නවත්තන්නම්.
6. Magnetar
Magnetar එකක් කියලා හදුන්වන්නේ අතිශය බලගතු චුම්භක ක්ෂේත්‍රයක් සහිත නියුට්‍රෝන තරු වර්ගයකට. මේ මැග්නිටාර් වල චුම්භක ක්ෂේත්‍රය ක්ෂය වීම නිසා අධි ශක්ති විද්‍යුත් චුම්භක විකිරණ, විශේෂයෙන්ම x කිරණ හා ගැමා කිරණ විමෝචනය කරනවා.
මේ magnetar යනුවෙන් නියුට්‍රෝන තාරකා වර්ගයක් පවතින බවට මුලින්ම අදහස් පළ කලේ 1992 වර්ෂයේදී රොබට් ඩන්කන් හා ක්‍රිස්ටෝපර් තොම්සන් විසින්. ඒ වගේම 2021 ජූලි වන විට තහවුරු කරන ලද magnetar 24ක් විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා.
අනෙකුත් නියුට්‍රෝන තාරකා මෙන්ම magnetar වල විශ්කම්භය සැතපුම් 12 (කිලෝමීටර 20) ක් පමණ වන අතර සූර්යය ස්කන්ධය මෙන් 1.4ක පමණ ස්කන්ධයක් මේවට තියෙනවා. මැග්නිටාර් කියන ඒවා හැදිලා තියෙන්නේ සූර්යයා මෙන් 10 – 25 ගුණයක ස්කන්ධයක් සහිත තාරකාවක් කඩා වැටීමෙන්. ඔයාල විශ්වාස කරනවද මේ magnetar එකක අභ්‍යන්තරයේ ඝනත්වය එහි ද්‍රව්‍යයේ මේස හැන්දක් ටොන් මිලියන 100කට වඩා ස්කන්ධයකින් යුක්තයි කියලා.
ඔයාල දැන් කල්පනා කරනවා ඇති හැම නියුට්‍රෝන තාරකාවක්ම magnetar එකක් ද කියලා. නෑ මේ magnetar වලට සාමාන්‍ය නියුට්‍රෝන තරු වලට වඩා ප්‍රභල චුම්භක ක්ෂේත්‍රයක් තියෙන්නේ සහ සාපේක්ෂව සෙමින් භ්‍රමණය වෙන්නේ. බොහෝ නිරීක්ෂණය කරලා තියෙන magnetar තත්පර 2 සිට 10 දක්වා වාරයක් තමා භ්‍රමණය වෙන්නේ.
මේ magnetar එකක චුම්භක ක්ෂේත්‍රය x කිරණ හා ගැමා කිරණ වල ඉතා ප්‍රබල සහ ලාක්ෂණික පිපිරීම් ඇති කරනවා. ඒ වගේම අනෙකුත් ආකාශ වස්තූන් හා සසදන විට magnetar එකක ක්‍රියාකාරී ආයුකාලය කෙටී. ඒවාහි ප්‍රබල චුම්භක ක්ෂේත්‍ර වසර 10, 000 කට පමණ පසු ක්ෂය වන අතර ඉන් පසු ක්‍රියාකාරීත්වය සහ ප්‍රබල x කිරණ විමෝචනය නතර වෙනවා. ඒ වගේම අද නිරීක්ෂණය කරන්න පුලුවන් magnetar සංඛ්‍යාව අනුව ක්ෂීරපථයේ ඇති අක්‍රීය magnetar සංඛ්‍යාව මිලියන 30 ක් හෝ ඊට වැඩි වෙනවලු.
මේ magnetar එකක චුම්භක ක්ෂේත්‍රය පෘථිය වටා ඇති චුම්භක ක්ෂේත්‍රය මෙන් ට්‍රිලියන ගුණයක් පමණ බලවත්. පෘථිවියට මයික්‍රොටෙස්ලා 30-60 ක භූ චුම්භක ක්ෂේත්‍රයක් ඇති අතර නියෝඩිමියම් මත පදනම් වූ දුර්ලභ පෘථිවි චුම්භක ක්ෂේත්‍රයක් ටෙස්ලා 1.25 ක් පමණ වන අතර චුම්භක ශක්ති ඝනත්වය 4.0*105 J/m3 වේ. Magnetar වල 1010 ටෙස්ලා ක්ෂේත්‍රය ඊට ප්‍රතිවිරුද්ධව, ශක්ති ඝනත්වය 4.0 *1025 J/m3, E/c2 ස්කන්ධ ඝනත්වය ඊයම් මෙන් 10,000 ගුණයක් වැඩියි.
ප්‍රබල චුම්භක ක්ෂේත්‍ර විෂයේ සංඝටක පරමාණු වල ඉලෙක්ට්‍රෝන වලාකුළු විකෘති කිරීම නිසා, දන්නා ජීව ආකාර වල රසායන විද්‍යාව කළ නොහැකි වීම නිසා magnetar එකක චුම්භක ක්ෂේත්‍රය කිලෝමීටර 1000 ක් දුරින් වුණත් මාරාන්තික වෙනවලු. ඒ වගේම පෘථිවියේ සිට සදට අඩක් දුරින්, පෘථිවිය හා චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කිලෝමීටර 384,000, magnetar එකකට පෘථිවියේ සියලුම ක්‍රෙඩිට් කාඩ් පත් වල චුම්භක ඉරි වලින් තොරතුරු මකා දාන්න පුලුවන්ලු.
7. Pulsar
පල්සර් එකක් කියන්නේ එහි චුම්භක ධ්‍රැව වලින් විද්‍යුත් චුම්භක කදම්භ නිකුත් කරන අධික චුම්බක භ්‍රමණය වන නියුට්‍රෝන තාරකාවක්. මේ විකිරණ නිරීක්ෂණය කරන්න පුලුවන් විමෝචක කදම්භයක් පෘථිවිය දෙසට යොමු වෙද්දි විතරයි. හරියට ප්‍රදීපාගාරයක් නිරීක්ෂණය කරන්න පුලුවන් නිරීක්ෂකයෙකුගේ දිශාවට ආලෝකය එල්ල වෙද්දි විතරක් වගේ. මේවට පල්සර් කියලා නම් කරලා තියෙන්නෙත් මේ හේතුව නිසා.
දැන් ඔයාල බලයි magnetar එකක් හා pulsar එකක් කියන්නේ එක සමාන දෙකක්ද කියලා. නෑ මේ දෙකම නියුට්‍රෝන තරු උනාට මේ දෙක අතර වෙනස්කම් කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් magnetar කියන්නේ විශ්වයේ තියෙන ප්‍රබලතම චුම්භක ක්ෂේත්‍ර. මේවා පෘථිවියට වඩා හතර ගුණයකින් ශක්තිමත් සහ සාමාන්‍ය පල්සර් වලට වඩා දහස් ගුණයකින් ශක්තිමත්. හැබැයි පල්සර් magnetar වලට වඩා දුර්වලයි.
Magnetar හෙමින් භ්‍රමණය වෙන්නේ කියලා උඩ කිව්වනේ, හැබැයි පල්සර් තත්පරයකට සියවාරයක් පමණ භ්‍රමණය වෙනවා. ඒ වගේම magnetar පල්සර් වලට වඩා අක්‍රමවත් හා අනපේක්ෂිතයි. මේවා දින ගණන් පවතින x කිරණ හා ගැමා කිරණ වල හදිසි සහ ප්‍රචණ්ඩකාරී පිපිරීම් වලට භාජනය වෙනවා.
නමුත් pulsar මනාව නිර්වචනය කරන ලද කාල පරිච්ඡේද සහිතව හා වඩාත් පුරෝකථනය කළ හැකි ලෙස ඔවුන්ගේ විකිරණ විමෝචනය කරනවා. Pulsar, magnetar වලට වඩා ස්ථායී. ඒ වගේම පල්සර් ඍජුවම හැදිලා තියෙන්නේ සුපර්නෝවා පිපිරීමකින් පසුව දැවැන්ත තාරකා කඩා වැටීමෙන්.
ඒ වගේම magnetar ප්‍රධාන වශයෙන් x කිරණ හා ගැමා කිරණ වල ඒවායේ ප්‍රබල චුම්භක ක්ෂේත්‍ර නිසා නිරීක්ෂණය කරන්නේ. හැබැයි පල්සර් නිරීක්ෂණය කරන්නේ රේඩියෝ තරංග, x කිරණ හා ප්‍රකාශ ආලෝකය ඇතුළු විවිධ තරංග ආයාම හරහා.
8. Supermassive black hole
උඩ මන් කලු කුහර ගැන කතා කරානේ. මේ supermassive black hole කියන්නේ සාමාන්‍ය කලු කුහර වලටත් වඩා ප්‍රබල කළු කුහර වර්ගයක්. සෑම විශාල මන්දාකිණියකම පාහේ මේ වගේ සුපිරි කළු කුහරයක් පවතින බවට විශ්වාස කරනවා. ඒ වගේම seyfert galaxies හා උඩ කතා කරපු quasars වගේ සක්‍රීය මන්දාකිණි න්‍යෂ්ටි බල ගැන්වෙන්නේ මේ සුපිරි කළු කුහර මගින්.
ඔයාල අහලා ඇතිනේ මෙතෙක් හොයාගෙන තියෙන විශාලම කලු කුහරය වන ton 618 ගැන. මේකත් සුපිරි කලු කුහරයක්. ක්ෂීරපතය වගේ දෙගුණයක් විතර විශාල මේ සුපිරි කළු කුහරයට අපේ සූර්යයාගේ ස්කන්ධය වගේ බිලියන 66 ගුණයක පමණ ස්කන්ධයක් තියෙනවලු. මේ ton 618 කියන කලු කුහරය පිහිටලා තියෙන්නේ අප දන්නා විශ්වයේ ඇති දීප්තිමත්ම ක්වාසර් එකක් මධ්‍යයේ. මේ ton 618 තියෙන ක්වාසර් එක සූර්යයන් ට්‍රිලියන 140ක පමණ දීප්තියකින් බැබළෙනවලු. ඒක හිතා ගන්නවත් බැරි දීප්තියක්.
මුල් විශ්වයේ අති විශාල කලු කුහර සෑදුණු ආකාරය හා ඒවා පැමිණියේ කොහෙන්ද යන්න තාරකා විද්‍යාවේ විශාලතම අභිරහසක් ලෙස අදටත් පවතිනවා. මේවායේ අති විශාල ස්කන්ධයන් මගින් හැගවෙන්නේ කඩා වැටෙන තාරක මගින් ඒවා සෑදිය නොහැකි බවත් ඒ වෙනුවට වෙනත් ක්‍රියාවලියක් හරහා ඒවා සෑදිය යුතු බවයි. මේ සුපිරි කළු කුහර සෑදුන ආකාරය ගැන පිලිගත් මත දෙකක් තියෙනවා.
එකක් මුල් තරු වලට පෙර මේ සුපිරි කළු කුහර හැදුනා කියන ඒක. මේක මෙහෙම සරලව කිව්වට ලොකු කතාවක් තියෙන මතයක්. මෙතන කියන්න ගියොත් වෙන මොකුත් කියන්න වෙන්නෑ. අනිත් මතය තමා මේ සුපිරි කළු කුහර හැදුන ආකාරය ගැන තියෙන ගණන් කරන්නවත් බැරි තරමේ කළු කුහර ගොඩක් එකට ඒකාබද්ධ වෙලා හැදුනා කියන මතය.
ඔය උඩ මන් කිව්ව එක් එක් ආන්තික වස්තූන් වල විශාලත්වය ගැන ඔයාලට දැන් දළ අදහසක් තියෙනවනේ. ඒ උනාට වැඩේ කියන්නේ මේ වර්ග වලින් එක බැගින් නෙමේ නේ තියෙන්නේ ගණන් කරන්නවත් බැරි තරම් තියෙනවා විශ්වය තුල. එතකොට නිකන් හිතලා බලන්නකෝ මේ මුළු විශ්වයම කොච්චර ලොකු ඇත්ද..
බුදුන්වහන්සේ උනත් කියලා තියෙනවනේ මේ විශ්වය ගැන හොයන්න යන්න එපා මනස අවුල් වන දෙයක් වෙයි කියලා ඒක. ඒ උනාට ඉතින් හැම වෙලේම කුතුහලය ඇවිස්සෙන දේවල් පස්සෙන්ම දුවන මිනිස්සුන්ට මේ ගැන හොයන් නැතුව ඉන්න බැරි වෙලා තියෙනවා දැන්. හැබැයි මේක තනි පුද්ගලයෙක්ට විතරක් කරන්න පුලුවන් දෙයක් නෙමේ හැම රටක්ම හැම ජාතියක්ම එකට එකතු වෙලා කරන්න ඕනේ වැඩක්. මොකද මේ අති විශාල විශ්වය පිළිබදව ඇත්ත දැන ගැනීමෙන් එක් පුද්ගලයෙක්ට විතරක් නෙමේ ප්‍රතිලාභ හිමිවෙන්නේ සමස්ථ ලෝක ප්‍රජාවටම.
උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න.
✍️ The Metrix




Comments
Post a Comment