පවතින බව දන්නා නමුත් සාම්ප්‍රධායික භෞතික විද්‍යාවට අභියෝග කරන මොනාද මේ ආන්ත වස්තූන් | Extream Objects
විශ්වය එහි විශ්මයජනක විශාලත්වය තුළ මිනිස් අවබෝධයෙන් ඔබ්බට ගිය විශාල වපසරියක් තුළ පිහිටා ඇත. එදිනෙදා භෞතික විද්‍යාවට පටහැනිව මේ තාරකා විද්‍යාත්මක අපූර්වතා, ඒවායේ බලය, අද්භූත බව හා අතිවිශිෂ්ඨ බවින් මිනිසුන් අමන්දානන්දයට පත්කරනවා.
අද අපි කතා කරමු එලෙස පවතින බව දන්නා නමුත් අදටත් විද්‍යාඥයින් අතර මත ගැටුම් ඇති කරන එවැනි අතිශය ආන්තික වස්තූන් කීපයක් ගැන තොරතුරු.
මුලින්ම කියන්නම්කෝ මොකක්ද මේ ආන්තික වස්තුවක් කියන්නේ කියලා. තාරකා විද්‍යාවේදී ආන්තික වස්තුවක් කියලා හදුන්වන්නේ විශ්වය පිලිබදව අප සතුව පවතින අබෝධයෙන් පිටත පවතින අසාමාන්‍ය භෞතික ගුණාංග හෝ හැසිරීම් ප්‍රදර්ශනය කරන ආකාශ වස්තුවක් හෝ සංසිද්ධියකට.
මෙම වස්තූන් බොහෝ වෙලාවට සාම්ප්‍රදායික විද්‍යාත්මක න්‍යායන් වලට අභියෝග කරන අතර විශ්වය ක්‍රියාකරන ආකාරය පිලිබදව අප සතුව පවතින උපකල්පන පිලිබදව නැවත වරක් සිතාබැලීමට යොමු කරනවා.. හරි දැන් යමු අපේ මාතෘකාවට.
1. Quasars
ක්වාසර් එකක් කියලා කියන්නේ සමහර මන්දාකිණි වල මධ්‍යස්ථයේ දක්නට ලැබෙන ඉතා ඉහළ දීප්තියකින් යුක්ත අතිශය විශාල කළු කුහරයක් තුලට අධික ප්‍රවේගයකින් සර්පිලාකාර වායුකින් බලගැන්වෙන තාරකා විද්‍යාත්මක වස්තුවකට.
වඩාත් දීප්තිමත් ක්වාසර් වලට ඔවුන් වාසය කරන මන්දාකිණි වල ඇති සියලුම තාරකා වලට වඩා දීප්තියක් තියෙනවා. ඒ කියන්නේ මේ ක්වාසර් වල හරයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් අංශක ට්‍රිලියන 20 සිට 40 දක්වා වෙනවලු. ඒ වගේම මේ ක්වාසර් එකකට වැටෙන වායුව සහ දූවිලි සමස්ත විද්‍යුත් චුම්භක වර්ණාවලිය හරහා විද්‍යුත් චුම්භක විකිරණ විමෝචනය කරනවා.
මේ ක්වාසර් වලට උදාහරණයක් කිව්වොත් 3C 273, කියලා හදුන්වන quasars එක අලෝක වර්ෂ බිලියන 2.5 ක් ඈතින් පවා පේනවා සහ ඒකට සූර්යයන් බිලියන 150 ක පමණ ඒකා බද්ධ දීප්තියක් තියෙනවා. ඉතින් මේ quasars මගින් විද්‍යාඥයින්ට විශ්වයේ ආරම්භය, මන්දාකිනි සෑදෙන ආකාරය පිලිබදව ඉතා වැදගත් තොරතුරු ලබා දෙනවා. මෙයිට වැඩිය මේ ගැන කතා කරන්න ගියොත් මේ වචන එක්ක මේක කියවන ගොඩක් අයට තේරෙන්නේ නැති වෙන්න පුලුවන්.
2. Black Hole
කළු කුහරයක් කියලා සරලවම හදුන්වන්නේ ආලෝකය සහ අනෙකුත් විද්‍යුත් චුම්භක තරංග ඇතුලු කිසිවකට පිටතට ගැලවී යා නොහැකි ගුරුත්වාකර්ශනය ඉතා ප්‍රබල අවකාශ කාල කලාපයකට. මේ කළු කුහර වල ගුරුත්වාකර්ශනය මෙච්චර ප්‍රබල වෙලා තියෙන්නේ කළු කුහර පදාර්ථය කුඩා අවකාශයකට සංකෝචනය කරලා තියෙන නිසා. සාමාන්‍යයෙන් විශාල තාරකාවක් මිය යන අවස්තාවල තමා මේ කළු කුහර කියන ඒවා ඇති වෙන්නේ.
ඒ වගේම කලු කුහරයක් ආසන්නයේදි කාලය ගමන් කිරීම පවා අතිශය මන්දගාමී වෙනවා. කලු කුහරයෙන් පිටත ඉන්න නිරීක්ෂකයෙකුට සාපේක්ෂව නම් කාලය නතර වෙනවා කියලා කියන්න පුලුවන්. හැබැයි තවම විද්‍යාඥයින් කිසිවෙක් දන්නේ නෑ මේ කලු කුහර ඇතුලේ මොනවද තියෙන්නේ කියලා.
මේ කලු කුහර කියලා දෙයක් තියෙනවා කියලා මුලින්ම අදහස් පලකරලා තියෙන්නේ 1916 දී ඇල්බට් අයින්ස්ටයින් විසින්. ඒ ඔහුගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය හරහා. හැබැයි මෙහෙම දැන හදුනගෙන තිබ්බ කලු කුහරයක පලවෙනි ඡායාරූපය පවා ගත්තේ මීට වසර කීපයකට කලින්.
ඒකට හේතුව මේ කලු කුහර අසල ආලෝකයවත් රැදෙන්නේ නැති හින්දා පියවි ඇසින් හෝ දුරේක්ෂයකින් බැලුවත් මේවා බලාගන්න නොහැකි වීම. ඒ වගේම පෘථිවියට ආසන්නතම කලු කුහර දෙක විදියට හදුන්වන්නේ 2022 වර්ෂයේදී සොයාගත් Gaia BH1 සහ Gaia BH2 කියන කලු කුහර දෙක. මේ දෙක පිලිවෙලින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,560 ක් සහ ආලෝක වර්ෂ 3,800 ක් දුරින් පිහිටලා තියෙනවා.
3. Supernova
සුපර්නෝවා එකක් කියලා ඇත්තටම කියන්නේ තාරකාවක වන දැවැන්ත පිපිරුමකට. මේ වගේ පිපිරීමක් සාමාන්‍යයෙන් වෙන්නේ අපේ සූර්යයා වගේ අවම වශයෙන් අට ගුණයක් විතර සූර්යයෙක්ගේ ජීවිතේ අන්තිම කාලයේදී. මේ supernova පිපිරුමක් කොච්චර ප්‍රබලද කියනව නම් එවැනි පිපිරිමකදි අලුත් පරමාණුක න්‍යෂ්ටීන් පවා බිහිවෙනවා.
ඒක වෙන්නේ දැවැන්ත තාරකාවක් විනාශ වන අවස්තාවක තාරකාවේ පිටත කවචයේ විලයන ප්‍රතික්‍රියා ඇති කළ හැකි කම්පන තරංගයක් ඇති වෙන නිසා. මේ විලයන ප්‍රතික්‍රියා මගින් nucleosynthesis නම් ක්‍රියාවලියක් කරලා තමා මේ විදියට නව පරමාණු න්‍යෂ්ටි බිහි වෙන්නේ. ඒ වගේම මේ supernova එකක දීප්තිය අපේ සූර්යයාගේ දීප්තිය මෙන් බිලියන දහස් ගුණයක් විතර වෙනවා.
මේ supernova පිපිරුමක් මෙගාටොන් 1028 ක බෝම්බයක ඇති බලයට සමාන ස්භාවධර්මයේ තියෙන වඩාත්ම ශක්තිජනක පිපිරීම් වලින් එකක් විදියට තමා හදුන්වන්නේ. මේ supernova වලටත් වඩා ශක්තිමත් පිපිරීමක් තමා hypanova කියන්නේ. Haypanova එකක් ජූල් 1045කට වඩා විශාල චාලක ශක්තියක් සහිතව ආලෝකයේ වේගයෙන් 99%ක පමණ වේගයකින් පුපුරා යනවා.
මේ වගේ hypanova ඇති වෙන්නේ සූර්යයගේ ස්කන්ධය මෙන් 30 ගුණයකට වඩා වැඩි තරුවක් ක්ෂණයකින් කලු කුහරයක් තුලට කඩා වැටෙන අවස්ථාවන් වල. මේ හයිපනෝවා සුපර්නෝවා එකකට වැඩිය 10 ත් 100 ත් අතර ගුණයකින් ප්‍රබල වෙනවා.
ඉතිහාසයේ වාර්තා වුණ පලවෙනි supernova පිපිරීම විදියකට සැලකෙන්නේ ආලෝක වර්ෂ 8000 ක් පමණ ඈතින් පිහිටි සර්කිනස් සහ සෙන්ටෝරස් කියන තාරකා මණ්ඩලය අතර පිහිටි තාරකාවක සිදු වුන සුපර්නෝවා පිපිරීම.
මෙම දීප්තිමත් සිදුවීම පියවි ඇසින් නොපෙනී යාමට පෙර මාස 8 ක් පුරාවට දර්ශනය වෙලා තියෙනවලු. අද ඒක SN 185 කියලා හදුන්වන්නේ. ඒ වගේම තාරකා විද්‍යාඥයින් අනාවැකි පලකරන ආකාරයට අලෝක වර්ෂ බිලියන 10 ක් ඈතින් සිදුවන supernova පිපිරීමක් 2037 දී පෘථිවියට පේනවලු.
4. Kilonova
කිලෝනෝවක් කියලා කියන්නේ නියුට්‍රෝන තාරකාවක් හා තාරකා ස්කන්ධ කලු කුහරයක් එකිනෙක ගැටීමෙන් හා ඒකාබද්ධ වූ විට ඇති වන දීප්තිමත් විද්‍යුත්චුම්භක පිපිරීමක්. Supernova හා kilonova කියන දෙකම තාරකා සම්භන්ධ පිපිරීම් උනත් මේ දෙකේ වෙනස්කම් ටිකක් තියෙනවා. උඩ මන් සුපර්නෝවා ගැන කිව්ව හින්දා මේ දෙකේ වෙනස්කම් ටික කිව්වොත් ඔයාට kilonova කියන්නේ මොකක්ද කීයලා හොද පැහැදිලි අදහසකට එන්න පුලුවන් වෙයි.
Kilonova ඇති වෙන්නේ කොහොමද කියලා මන් උඩ කිව්වනේ, මේකේ දීප්තිය ගැන කිව්වොත් මේවගේ දීප්තිය supernova වලට වඩා නම් අඩුයි. හැබැයි අපේ සූර්යයාගේ දීප්තිය වගේ 1000 ගුණයක් විතර වෙනවා. ශක්තිය අතින් ගත්තොත් නම් කිලෝනෝවා ඉදිරියෙන් ඉන්නවා. සාමාන්‍යයෙන් සුපර්නෝවා එකක් සති හෝ මාස කීපයක් පුරාවට තිබ්බත් මේ කිලෝනෝවක් තියෙන්නේ දින කිහිපයක් හෝ සති කීපයක් විතරයි.
Supernova එකක් සිදු වෙලා අවසානයේ ඒක මුල් තාරකාවේ ස්කන්ධය මත පදනම්ව, නියුට්‍රෝන තාරකාවක් හෝ කලු කුහරයක් විදියට පත් වුණත් මේ kilonova එකක් සිදු වුණාම ඒ ඝට්ටන වස්තූන් තනි නියුට්‍රෝන තාරකාවක් හෝ කළු කුහරයක් බවට ඒකා බද්ධ වී වේගවත් නියුට්‍රෝන ග්‍රහණය හරහා ඉතා බර මූලද්‍රව්‍ය නිපදවනවා.
Supernova එකක් සාපේක්ෂව වඩාත් සුලබයි. ඒකක් සාමාන්‍යයෙන් සියවසකට කීපවතාවක් සිද්ධ වෙනවා. හැබැයි kilonova එකක් ඉතා දුර්ලභයි. වසර මිලියන ගාණකටම සිද්ධ වෙන්නේ එකක් දෙකක්. ඒ වගේම supernova එකක් සාමාන්‍ය දුරේක්ෂයකින් අපිට බලා ගන්න පුලුවන්. හැබැයි kilonova එකක් ගැමා කිරණ, x කිරණ හා අධෝරක්ත කිරණ වලට සංවේදී දුරේක්ෂයකින් තමා සාමාන්‍යයෙන් බලන්නේ.
සුපර්නෝවා පිපුරුමක් ග්‍රහලෝක සෑදීමට හා ජීවයේ පරිණාමය සදහා අත්‍යවශ්‍ය බර මූල ද්‍රව්‍ය වලින් අන්තර් තාරක මාධ්‍යයන් පොහොසත් කරනවා. කිලෝනෝවක් පිපුරුම් රත්තරන්, ප්ලැටිනම් වගේ විශ්වයේ බර මූලද්‍රව්‍ය බහුල වීමට දායක වන අතරම නියුට්‍රෝන තරු ඒකාබද්ධ වීමේ ක්‍රියා වලීන් හා කළු කුහර සෑදීම සදහා දායකත්වය සපයනවා.
හිතුවට වඩා මේ Article එක දික්වුණා. අපිට තව මාතෘකා 4ක් ගැන කතා කරන්න තියෙනවා. ඒ ටික මන් ඊලග Article එකෙන් අරන් එන්නම්. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවනේ. ඒ හින්දා දිගටම අපේ blog එකත් එක්ක රැදිලා ඉන්න..
Part 2: https://metrixlk.blogspot.com/2025/04/part-2-extream-objects-part-2.html
✍️ The Metrix
උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න.





Comments
Post a Comment