ලෝක ඉතිහාසයේ මෙතෙක් අත් හදා බලා ඇති ප්‍රබලම බෝමබය Tsar

 ඔයාල මෙච්චර දවසක් ලෝකයේ ප්‍රබලම බෝම්බය කියලා හිතන් හිටියේ හිරෝෂීමාවට හෙලන ලද පරමාණු බෝම්බයද. එහෙම හිතන් හිටිය නම් අදින් පස්සේ එහෙම හිතන එක නවත්තන්න. මොකද මෙච්චර කාලයකට ලෝකයේ අත්හදා බලල තියෙන ප්‍රබලම බෝම්බය එක්ක බලද්දි හිරෝෂිමා බෝම්බය අත දරුවෙක් වගේ. මේක නමින් Tsar කියලා හදුන්වන්නේ. මේ ඒ කතාව..


ඔයාල අහලා තියෙනවනේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එක්සත් ජනපදය හා සෝවියට් රුසියාව අතර ඇති වුණ සීතල යුද්ධය. ලෝකයේ බලවතා තමන් කියලා පෙන්වන්න ඇති වුණ මේක සීතල යුද්ධය කියලා හැදින්වුවට අවි ආයුධ වලින් සිද්ධ වුණ යුද්ධයක් නෙමේ. ප්‍රධාන වශයෙන් දේශපාලන, ආර්ථික හා ප්‍රචාරක පෙරමුණු මත පදනම් වෙලා ඇති වුණ දෙයක්. 

ඉතින් මේ සීතලේ යුද්ධයේ ප්‍රතිඵලයක් විදියට බිහිවුණ Tsar බෝම්බය 1961 වර්ෂයේදී සෝවියට් භෞතික විද්‍යාඥ Andrey Sakhrov ඇතුලු කණ්ඩායමක් විසින් ගොඩනගලා තියෙන්නේ.


Tsar එහෙමත් නැත්නම් Big Ivan ලෙසින් හදුන්වන මේ බෝම්බය නිර්මාණයේ මූලික අදියරේදි TNT මෙගාටොන් 100 ක ප්‍රබලත්වයක් සහිතව නිර්මාණය කිරීමට යෝජනා වෙලා තිබුණත් ඒ වගේ ප්‍රබලත්වයක් සහිත බෝම්බයකින් සිද්ධ වෙන්න පුලුවන් විශාල හානිය නිසාම පසුව එහි ධාරිතාවය TNT මෙගාටොන් 50ක් දක්වා අඩු කරලා තියෙනවා. එච්චර අඩු කරත් මේ බෝම්බය හිරෝෂීමාවට හෙලපු පරමාණු බෝම්බය වගේ 3333 ගුණයක් පමණ ප්‍රබලත්වයක් අරන් තියෙනවා. 

බර ටොන් 27ක්, දිගින් අඩි 26ක් (මීටර් 8ක්) සහ විෂ්කම්භය අඩි 7ක් (මීටර් 2ක්) වන ලෙස නිර්මාණය කෙරූ මේ බෝම්බය RDS-220 ලෙස නිල වශයෙන් හදුන්වන්නේ.


ඒ වගේම Tu-95V බෝම්බ හෙලන ගුවන් යානයක් ආයුධය රැගෙන යාම සඳහා නවීකරණය කරන ලද අතර, එහි වැටීම මන්දගාමී වන විශේෂ පැරෂුටයකින් සමන්විත වී ඇති අතර එමගින් යානය පිපිරීමෙන් ආරක්ෂිත දුරක් පියාසර කිරීමට ඉඩ සලසා ඇත.  

මේ බෝම්බය අත් හදා බැලීම සදහා ගුවන් නියමු Andrey Durnovtsev විසින් නියමු කරන ලද ගුවන් යානය 1961 ඔක්තෝබර් 30 වන දින කෝලා අර්ධද්වීපයෙන් ගුවන් ගත වී ඇති අතර එයට අමතර නිරීක්ෂක ගුවන් යානයක් සම්බන්ධ වෙලා තියෙනවා.

එදින මොස්කව් වේලාවෙන් ආසන්න වශයෙන් උදෑසන 11:32 ට, සාර් බෝම්බය ආක්ටික් සාගරයේ පාළු දූපතක් වන Novaya Zemlya හි Mityushikha Bay පරීක්ෂණ භූමියට ඉහළින් බිම හෙලා ඇති අතර පොළවේ සිට සැතපුම් 2.5ක් (කිලෝමීටර් 4ක්) පමණ ඉහළින් පිපිරී, සැතපුම් 37ක් (කිලෝමීටර 60ක්) වඩා උස හතු වළාකුළක් ඇති කර ඇත. ඒ වගේම මේ පිපිරුම සැතපුම් 620 ක් (කිලෝමීටර් 1,000) පමණ දුරකට පෙනීලා තියෙනවා. හිතා ගන්නකෝ මේකෙන් කොච්චර හානියක් වෙන්න ඇත්ද කියලා. 


බෝම්බය නිසා එය බිම පතිත වූ ස්ථානයේ සිට සැතපුම් 34 (කිලෝමීටර් 55) ක් දුරින් පිහිටි ජනාවාස නොවූ ගම්මානයක් වන සෙවර්නි මුලුමනින්ම සමතලා වෙලා තියෙනවා. ඒ වගේම සැතපුම් 100 (කිලෝමීටර් 160) ට වඩා දුරින් පිහිටි ගොඩනැගිලිවලට පවා බෝම්බය නිසා හානි සිදුව ඇති බව වාර්තා වෙනවා.  මීට අමතරව, පිපිරුම් තාපය හේතුවෙන් සැතපුම් 62 (කිලෝමීටර් 100) පමණ දුරින් තුන්වන මට්ටමේ පිළිස්සුම් ඇති විය හැකි බවට ගණන් බලා තියෙනවා. 

හැබැයි මේ බෝම්බ් පිපිරුම සාර්ථක වුනත්  සාර් බෝම්බය කිසිම වෙලාවක යුධ මෙහෙයුම්  සදහා භාවිතා කරලා නෑ. ඒකට ඉන් වෙන විශාල හානිය වගේම ඒකේ විශාලත්වය නිසා, බෝම්බය බැලස්ටික් මිසයිලයක් මගින් යෙදවිය නොහැකි වීමත් හේතු වෙලා තියෙනවා. ඒ වෙනුවට, බෝම්බය ප්‍රවාහනය කරන්න වෙලා තියෙන්නේ සාම්ප්‍රදායික ගුවන් යානා මගින්. ඒක ඒ කාලේ හැටියට අවාසී. මොකද ඒ කාලේ ශබ්දයේ වේගය අභිබවා යන රේඩාර් මගහැරල යන ගුවන් යානා හදලා තිබ්බ නැති හින්දා බෝම්බය ඉලක්කයට ළඟා වීමට පෙර ගුවන්‍ යානය සතුරන්ට පහසුවෙන් අල්ලා ගන්න පුලුවන්.  මේ හින්දා, සාර් බෝම්බය ප්‍රචාරක අවියක් විදියට සලකන්නේ. 

ඒ වගේම 1961 පිපිරීමෙන් පසුව, සකාරොව් න්‍යෂ්ටික අත්හදා බැලීම් පොලව යටට සීමා කරලා තියෙනවා. එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ සෝවියට් රුසියාව විසින් 1963 දී අත්සන් කරන ලද ගිවිසුමකින් මේ විදියට සීමා තහනම අරන් තියෙන්නේ.. මන් පහලින් දාන්නම් මෙච්චර කල් අත්හදා බලලා තියෙන ප්‍රබලතම බෝම්බ මොන වගේද කියලා පෙන්වන තව photo එකක්. ඒකත් අනිවාර්යයෙන් බලන්න. ඒකේ හොරෝෂිමා පරමාණු බෝම්බය ලොකු කරලා ඇති පේන්නේ නැති හින්දා😁.



උපුටාගැනීමේදී කතෘ අයිතිය සුරකින්න.

✍️ The Metrix

Comments

Popular posts from this blog

ඔයාගේ කටෙත් කවදා හරි මේ වගේ තුවාල ඇති වෙලා තියෙනවද? 😩

ලොව මෙතෙක් වාර්ථා වූ විශාලම ශබ්දය ජනනය කරමින් පුපුරා ගිය krakatoa ගිණි කදු පිපිරීම