ඔයාගේ කටෙත් කවදා හරි මේ වගේ තුවාල ඇති වෙලා තියෙනවද? 😩

කෑම, බීම සහ කතා කිරීමට පවා අපහසුවක් ගෙන දෙන කරදරකාරී කුඩා තුවාල ඔබේ මුඛය තුළ කවදා හෝ ඇති වී තියෙනවද? ඔව්, අද අපි කතා කරන්නේ මුඛ වණ ගැන, මේවා පිළිකා තුවාල එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් mouth Ulcers කියලා සාමාන්‍යයෙන් හදුන්වනවා. මේ වර්ගයේ තුවාල සාමාන්‍යයෙන් බොහෝ පිරිසක් අතර ඉතා සුලභ යි, නමුත් ඒවා හරියටම ඇති වෙන්නේ කොහමද සහ වඩාත් වැදගත් කරුණ විදියට, ඒවා ඉක්මනින් ඉවත් කරන්නේ කෙසේද කියලා ගොඩක් අය දන්නෑ? එහෙනම් මේ මුඛ වණ ගැන පොඩි විස්තරයක්👇



මෙම තුවාල ලප පිටුපස සිටින වැරදිකරු කවුද? 🤔


මේකට තනි නිශ්චිත පිළිතුරක් තාමත් සොයාගෙන නැතත්, මේ විදියේ කරදරකාරී මුඛ වණ ඇතිවීමට බලපෑ හැකි දේවල් කීපයක්ම පරයේෂකයින් දැනට සොයාගෙන තියෙනවා:


* සුළු මුඛ අනතුරු: අහම්බෙන් හෝ හිතාමතාම ඔයා ඔයාගේ කම්මුල සපා කාල තියෙනවද? ඒ වගේම රළු ලෙස ඔයා දත් මදිනවද? එහෙනම් ඔයාගේ කටේ මේ වගේ තුවාල ඇති වෙන්න වැඩි සම්භාවිතාවයක් තියෙනවා.


* ඒ වගේම ඔයාට මානසික ආතතිය සහ කාංසාව  වගේ දේවල් තියෙනව නම් ඒ තුලින් ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කළ හැකි අතර, ඒ හේතුව නිසාත් මේ වගේ තවාල ඔයාගේ කට ඇතුලෙ ඇති වෙන්න පුලුවන්. 




* හෝර්මෝන වෙනස්කම් - විශේෂයෙන් කාන්තාවන්ට මාසිකව ඇති වන ඔසප් චක්‍රයේ වෙනස්කම් හෝ ගර්භණී සමයේදී ඇති වන හෝමෝන වෙනස්කම්  මේ වගේ තුවාල කට ඇතුලේ ඇති වෙන්න සමහර විට සාධකයක් විය හැකියි.


* ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ නොමැතිකම: එසේම ඔබේ ආහාර වේලෙහි විටමින් B12, ෆෝලේට්, යකඩ හෝ සින්ක් නොමැතිකම මෙවැනි තුවාල ඇති වීමට ප්‍රධාන හේතුවක් වෙන්න පුලුවන්.


* ආහාර සංවේදීතාව 🌶️: සිට්‍රස් කුලයේ පලතුරු, තක්කාලි, කුළුබඩු සහිත කෑම, චොකලට්, කෝපි හෝ ග්ලූටන් වැනි ඇතැම් ආහාර සමහර පුද්ගලයින් තුල මේ වගේ තුවාල ඇති වෙන්න හේතුවක් වෙනවා.


විශ්වාස කරන්න හෝ නොකරන්න, සමහර දන්තාලේපවල සෝඩියම් ලෝරිල් සල්ෆේට් (SLS) සමහරුන්ට ප්‍රේරකයක් වෙන්න පුලුවන් මේ වගේ තුවාල ඇති වීමට, ඒ වගේම සමහර විට, වෛරස් ආසාදන (අත්, පාද සහ මුඛය වැනි) හෝ හර්පීස් වැනි ලිංගික රෝග  පවා මේ ආකාරයේ මුඛ වන ඇති වෙන්න හේතුකාරක වෙනවා.


මේ මුඛ වණ ඇති වෙන්න බලපාන ගොඩක් කරුණු දැන් කතා කරා. අපි බලමු දැන් මොනවද මේ තුවාල සදහා කරන්න පුලුවන් ප්‍රතිකාර කියලා.





සාමාන්‍යයෙන් මේ ආකාරයේ බොහෝ මුඛ වණ සතියක් හෝ දෙකක් ඇතුළත තනිවම සුව වෙනවා. නමුත් වේදනාව සමනය කිරීමට සහ සුව වීම වේගවත් කිරීමට ඔයාට කරන්න පුලුවන් දේවල් කීපයක් මන් කියන්නම්.


* ප්‍රධාන වශයෙන් ඔයාට පුලුවන් දත් මැදීම සදහා මෘදු දත් බුරුසුවක් භාවිතා කරීමට හා රළු දන්තාලේප භාවිතයෙන් වැලකී සිටින්න. මේ තුලින් ඔයාගේ කට ඇතුලේ වෙන්න පුලුවන් කුඩා තුවාල ඇති වීම වැලකෙනවා.


* ලුණු වතුර සේදීම 🌊: මේ විදියේ තුවාලයක් දැනටමත් ඔයාගේ කට ඇතුලේ හැදිලා නම් උණුසුම් ජලයේ ලුණු තේ හැන්දක භාගයක් මිශ්‍ර කර දිනකට කිහිප වතාවක් තුවාලය වටා අතුල්ලන්න. එය දැවිල්ලට උපකාරී වන අතර තුවාලය පිරිසිදුව තබා ගැනීමට උපකාරී වෙනවා.


* මී පැණි සමඟ මිහිරි සහනයක් 🍯: දිනකට කිහිප වතාවක් අමු මී පැණි ස්වල්පයක් තුවාලය මත තවරා ගන්න. එයට ස්වාභාවික ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇත.


* පොල්තෙල් 🥥: පොල්තෙල් ස්වල්පයක් තුවාලයේ තැවරීම තුලින් ප්‍රති-ක්ෂුද්‍ර ජීවී සහ ප්‍රති-ගිනි අවුලුවන බලපෑම් සඳහා උපකාරී වේ.


* කෝටිකොස්ටෙරොයිඩ් ලොසින්ජස්: මේ තුලිනුත් දැවිල්ල සහ වේදනාව අඩු කිරීමට උපකාරී වෙනවා.


විශේෂයෙන් කියන්න ඕනේ මේ වගේ මුඛ වණයක් ඔයාගේ කට ඇතුලේ සති 3කට වඩා සුව නොවී පැවතියහොත් වහාම වෛද්‍යවරයෙක් වෙත ගොස් පෙන්වන්න. මොකද මේ තුවාල සාමාන්‍යයෙන් ඉබේ සුව වුවත් ඉතා විරල අවස්ථාවන් වලදී දීර්ඝ කාලීනව පවතින මුඛ වණ, මුඛ පිලිකා පිලිබදව පූර්ව දැනුම් දීමක් වෙන්න පුලුවන්. 





මන් හිතනවා මේ මුඛ වණ ගැන ඔයාගේ තිබ්බ දුර්මත ගොඩක් අද විසදෙන්න ඇති කියලා. ඒ වගේම මන් කිව්ව ඒවට අමතරව මේ සදහා කරන්න පුලුවන් ඔයා දන්න තවත් ප්‍රතිකාර ක්‍රම තියෙනව නම් පහලින් පුංචි comment එකක් දාන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්..

.

.

.

.

- The Metrix

Comments

Post a Comment

Popular posts from this blog

ලෝක ඉතිහාසයේ මෙතෙක් අත් හදා බලා ඇති ප්‍රබලම බෝමබය Tsar

ලොව මෙතෙක් වාර්ථා වූ විශාලම ශබ්දය ජනනය කරමින් පුපුරා ගිය krakatoa ගිණි කදු පිපිරීම