ලොව මෙතෙක් වාර්ථා වූ විශාලම ශබ්දය ජනනය කරමින් පුපුරා ගිය krakatoa ගිණි කදු පිපිරීම
ඒ 1883 අගෝස්තු 27 වන දා. එදින ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා අතර සුන්දා සමුද්‍ර සන්ධියේ පිහිටි krakatoa ගිනිකඳු දූපතෙන් දරුණු පිපිරීම් මාලාවක් පුපුරා ගියේය.
වාර්තාගත ඉතිහාසයේ වඩාත්ම බලගතු ගිනිකඳු පිපිරීම් වලින් එකක් ලෙස සැලකෙන මෙම ව්‍යයසනකාරී සිදුවීම සිතාගත නොහැකි විනාශයක් මුදා හරින ලද අතර ඉදිරි වසර කීපය සඳහා ලෝකය මත තවත් එක් මුද්‍රාවක් තැබීය!
Krakatoa ප්‍රධාන පිපිරීමට මාස කිහිපයකට පෙර ඉදන්ම මෙවැනි විශාල පිපිරීමක් වෙයි කියලා සලකුණු පෙන්වමින් තිබුණේ. ඒ 1883 මැයි 20 වැනි දින ආරම්භ වූ දැවැන්ත පිපිරුම් මාලාවකින් අවසන් වූ කුඩා පිපිරීම් සහ කම්පන මාලවක් තුලින්. මෙම ආරම්භක පිපිරුම් අවට දූපත්වලට හානි සිදු කළ සුනාමි ඇති කිරීමට තරම් බලවත් විය..
පිපිරීමේ උච්චතම අවස්ථාව අගෝස්තු 27 වන දින ළඟා වූ අතර, එය කෙතරම් ප්‍රචණ්ඩකාරී පිපිරීම් මාලාවක් ද යත්, ඒවා කිලෝමීටර් 3,110 (සැතපුම් 1,930) දුරින් පිහිටි බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් දක්වා සහ ඉන්දියන් සාගරයේ දූපත් වන මොරිෂස් අසල රොඩ්‍රිගුස් වෙත කිලෝමීටර් 4,800 (සැතපුම් 3,000) දක්වා දුරකට ඇසිණි.
TNT මෙගා ටොන් 100කට (ජපානයේ හිරෝෂිමාව දැමු පරමාණු බෝම්බය මෙන් 24000ක් ගුණයක් ප්‍රබලත්වයක්) සමාන යැයි ගණන් බලා ඇති විශාලතම පිපිරුම නිසා, ක්‍රැකටෝවා දූපත පුපුරා ගොස් එය කැල්ඩෙරා බවට කඩා වැටී විනාශකාරී සුනාමි මාලාවක් ජනනය කළේය.
පොදුවේ ගත් කල, ශබ්ද ඇතිවන්නේ වායු පීඩනයේ උච්චාවචනයන් නිසාවෙන්. Krakatoa පිපිරීමෙන් පසු Batavia gasworks හි පිහිටි(Krakatoa සිට සැතපුම් 100 ක් දුරින්) බැරෝමීටරයක් රසදිය අඟල් 2.5 ට වඩා වැඩි පීඩනයක් වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඩෙසිබල් 172 කට වඩා වැඩි ශබ්ද පීඩනයකට පරිවර්තනය කරනවා. දැනට පෘථිවියේ ජනනය වී ඇති විශාලතම ශබදය විදියට සැලකෙන්නේ krakatoa පිපුරුමෙන් ඇති වූ මේ ශබදයයි.
ඒ වගේම ලොව වටා පිහිටි වායුගෝලීය පීඩනය මනින උපකරණ වන barographs මගින් වාර්තා කර ඇති ආකාරයට ප්‍රධාන පිපිරුම නිසා ඇති වූ කම්පන තරංග හත් වතාවක් ලොව වටා ගිහින් තියෙනවා. ඒ සම්පූර්ණ වට සහිත තරංග එක් දිශාවකට හතර වතාවක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවට තුන් වතාවක් බැගින්. පුපුරා යාමෙන් පසු දින පහක් පුරාවට krakatoa සහ පෘථිවියේ එහි ප්‍රතිපෝඩල් ලක්ෂ්‍යය අතර කම්පන තරංග එහා මෙහා ගමන් කිරීම බැරොග්‍රැෆ් ලේඛනගත කරලා තියෙනවා.
Krakatoa පිපිරීමෙන් ජනනය වූ සුනාමිය මෙතෙක් වාර්තා වී ඇති ප්‍රබලතම සුනාමිය වන අතර සමහර ප්‍රදේශවල අඩි 135 (මීටර් 41) දක්වා උසකට ළඟා වෙලා තියෙනවා. මේ මුහුදු රළ ජාවා, සුමාත්‍රා සහ අනෙකුත් අවට දූපත් වල වෙරළ තීරයේ පුළුල් විනාශයක් ඇති කළ අතර ඇස්තමේන්තුගත පුද්ගලයින් 36,417 සිට 120,000 දක්වා මිය ගිහින් තියෙනවා.
එතනින් ඉවර නෑ. මේ පිපිරීම සැලකිය යුතු ගෝලීය බලපෑමක් ඇති කරා. පිපිරීමෙන් වායුගෝලයට මුදා හරින ලද අළු සහ දූවිලි විශාල ප්‍රවාහය කිලෝමීටර් 80 (සැතපුම් 50) උසකට ළඟා වී ඇති අතර එය වසර ගණනාවක් පුරා ලොව පුරා දේශගුණික විපර්යාස ඇති කරලා තියෙනවා.
පුපුරා යාමෙන් පසු ගෙවුණු වසර කිහිපය තුළ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2 (ෆැරන්හයිට් අංශක 2.2) කින් පහත වැටී ඇති අතර, අළු පිරුණු වායුගෝලය නිසා වසර ගණනාවක් යන තුරු පරිසරය මද අදුරේ තිබිලා තියෙන්නේ.
මෙච්චර විනාශයක් කරපු Krakatoa පිපිරීම මානව ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන හා විනාශකාරී ස්වභාවික විපත්වලින් එකක් ලෙස අදටත් සැලකෙනවා. අද වන විට Krakatoa කල්දේරාව නව ගිනිකඳු දූපතක් ලෙසින් Anak Krakatau නමින් හදුන්වනවා. මේ අලුත් ගිනි කදු දූපත 1927 වගේ ඉදන් වර්ධනය වෙමින් පවතින්නේ. අදටත් මේ දූපත ස්වභාවධර්මයේ දැවැන්ත බලය සහ අපගේ පෘථිවි ග්‍රහයා හැඩගස්වන නිරන්තර භූ විද්යාත්මක ක්‍රියාවලීන් සිහිපත් කරමින් නිද්‍රාශීලීව වැජඹෙනවා..
උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න!
✍️ The Metrix






omg😮
ReplyDelete