පුරාතන හින්දු දහමට අනුව විද්‍යාමාන කළ හැකි සියලු ශබ්දයන්හි මූල බීජය වන්නේ "ඕම්" කාරයයි.
පුරාණ හින්දු දර්ශනයට අනුව විද්‍යාමාන කළ හැකි සියලු ශබ්දයන්හි මූල බීජය ලෙස ‘ඕම්’ ශබ්දය සලකනු ලබයි.
එසේම බොහෝමයක් මැවීම් පිළිබද හින්දු කතා පුවත් වල විශ්වය නිර්මාණය කරන මොහොතේ ‘ඕම්’ ශබ්දය පළමුවෙන්ම මුදාහරින ලද බවට විස්තර කෙරේ. මෙම ශබ්දය විශ්වය පුරා අඛණ්ඩව ප්‍රතිනාද වන බවත් එම කම්පනය සියලුම මූලික භෞතික වස්තූන් ද, සියලුම ජීවීන්, සියලුම භාෂා ආදී සියල්ල නිර්මාණයට හේතු වී ඇති බවත් කියවේ.
‘ඕම්’ යන්න අ, ඌ, ම් යන සංස්තික අක්ෂර තුනෙහි එකතුවකි. එසේම එම අක්ෂර තුන රහිතව කිසිදු වචනයක් ආරම්භ වීමට හෝ නැවත ශබ්ද කිරීමට හෝ අවසාන කිරීමට නොහැකිය.
‘ඕම්’ ශබ්දය ඉතා නිවැරැදිව නැවත නැවත උච්චාරණය කරන විට මුඛය පමණක් නොව මුලු සිරුරම අනුනාද කරයි. මින් ‘අ’ ශබ්දය මිනිස් සිරුරේ පහල සහ මධ්‍යම කද කොටස කම්පනය කරයි. ‘ඌ’ ශබ්දය පෙණහලු හා උගුර කම්පනය කරයි. ‘ම්’ ශබ්දය උගුර සහ හිස අනුනාදයට ලක් කරයි. එලෙස මෙම ශබ්ද තුන එකිනෙකට නිවැරැදිව පිළිවෙලින් තියුණු ලෙස උච්චාරණය කරන විට උච්චාරණය කරන්නාගේ ප්‍රාණය හෝ ශක්තිය මූලයන්ට ගමන් කර ‘ඕම්’ ශබ්දය ප්‍රතිනාද වේ.
‘ඕම්’ අක්ෂරය සෑදී ඇති අක්ෂර 3 විඥානයේ අවස්ථා 3ක් නිරූපණය වන බව පැවසේ. ‘අ’ යනු විඥාණය අවදි කිරීමේ අවස්ථාවයි. එනම් මිනිස් සිරුර සහ එහි පිළිකුල් සහිත බව, බාහිර ලෝකය සමග පංචේන්ද්‍රිය දක්වන බැදීම, හැඩයක් සහිත සියල්ල යනා දී භෞතික ලෝකය ප්‍රත්‍යක්ෂව දැකීමේ අවස්ථාව නිරූපණය කරයි. ‘ඌ’ යනු උප විඥාණය අවදි කිරීමේ අවස්ථාවයි. මෙමගින් හැගීම් ලෝකය නිරූපණය කරයි. ‘ම්’යනු අවිඥානික, සිහින රහිත හැඩයක් ඇතිත් නැතිත් අවස්තාවයි.
මෙම සංකේතය සම්පූර්ණයෙන්ම සැලකූ විට අධ්‍යාත්මිකව අවදි කිරීමේ අවස්තා 3 නිරූපණය කරනු ලැබේ. ‘අ’ ශබ්දයට ප්‍රථමව හා ‘ම්’ ශබ්දයට පසුව පවතින ශබ්දය ඇසීමට හැකි වන්නේ අනෙකුත් සියලුම ශබ්ද නැවතුන විටය. මෙම හතරවන අවස්ථාව බහුලව විස්තර කෙරෙන සමාධි තත්ව සියල්ල අභිබවා යන අවස්ථාවයි.
වැඩි දෙනා අතර ජනප්‍රිය සංස්කෘත භාෂාවෙන් ලියවුණු ‘ඕම්’ අක්ෂරයේ තවත් උප කරුණු දෙකක් ඇත. ප්‍රධාන අක්ෂරයට ඉහලින් අඩසදක හැඩය සමග ඊට ඉහලින් බිංදුවක් ඇත. මෙය චන්ද්‍ර බිංදිය ලෙස හැදින්වේ. එමගින් ‘ඕම්’ ශබ්දයට පසුව ඇති නිහැඩියාව නිරූපණය කෙරේ. ප්‍රධාන අක්ෂරය සමග චන්ද්‍ර බිංදිය එකට සැලකූ විට ඉහත සදහන් කළ අවස්තා 4 පිළිවෙලින් සාක්ෂාත් කර ගැනීම නිරූපණය කෙරේ.
චන්ද්‍ර බිංදියේ ඇති බිංදියෙන් දිව්‍යමය සැපත මායාවෙන් ආවරණය කරගෙන පවතින බව නිරූපණය කරයි. එහෙත් චන්ද්‍ර බිංදියේ අඩංගු බිංදිය අඩසදක හැඩය ඇති රේඛාව ස්පර්ශ නොකරයි. එහි අරථය අවබෝධයේ උච්චතම අවස්තාව මායාවෙන් තොර බවයි.
ධ්වනි විද්‍යාත්මක භාෂාවක් ලෙස සංස්කෘත භාෂාව සලකනු ලබයි. එහි සෑම අක්ෂරයක්ම වචනයක්ම උච්චාරණය කිරීමේදී සිරුරේ හා මුඛයේ සෑම ස්ථානයක් ම කම්පනයට පත් කරයි. සෑම ශබ්දයක් ම අන්තර්ගත දිව්‍යමය ‘ඕම්’ වචනයෙන් විද්‍යාමාන වන දෙවියන්ගේ භාෂාව, සංස්කෘත භාෂාව ලෙස මනුෂ්‍ය භාෂාවක් බවට පත් වූ බව පැවසේ.
මෙමගින් නාද යෝග සංකල්පය පිළිබිඹු කරයි. එසේම කම්පනය නිර්මාණයේ මූලික හරය ලෙස සලකන නිසා භෞතික ලෝකයේ දෙවියන් වෙත ලගා වීමට හැකි ආසන්නතම ක්‍රමය ශබ්දය ලෙස සැලකේ. මේ නිසා මිනිසුන් ශබ්ද විද්‍යාව මත ගොඩනැගුණූ මන්ත්‍ර දෙවියන් සමග සම්භන්ධ වීමට භාවිතා කරයි.
එසේම ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව හා තන්තු සිද්ධාන්තය යනාදී කම්පනය හා ශක්ති මට්ටම් පිලිබද සම්භන්ධ විද්‍යාත්මක සංකල්ප සමගද ‘ඕම්’ යන්නෙහි ක්‍රියාකාරීත්වය ඍජුව සම්භන්ධතා දක්වන බව ඇතැමුන්ගේ විශ්වාසයයි. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ පැහැදිලි කිරීම් වලට අනුව අණූ හා තරංග හෝ පදාර්ථ හෝ තරංග ලෙස පැහැදිලිව එකිනෙක වෙන් කර හදුනා ගැනීමට නොහැකිය.
තව ද මෙම සංකල්පය වැඩි දියුණු කරමින් තන්තු සිද්ධාන්තය මගින් පැහැදිලි කරනුයේ කුඩා තන්තු කම්පනය වෙමින් මුලු විශ්වයම කම්පනයක රදවා පවත්වන බවයි. ඒවා විවිධ හැඩයන් ගන්නා බවත් කාලය හා අවකාශයෙන් එහා පවතින බවත් උපකල්පනය කෙරේ.
එනිසා සියලුම හටගැනීම් හි හරය වූ ‘ඕම්’ සංකල්පය නැතහොත් විශ්වීය ශබ්දමය මිමිණුම අණු - තරංග නැතහොත් පදාර්ථ - ශක්තිය යන ද්විප්‍රකාර බවින්ද පැහැදිලි කල හැක.
.
.
.
උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න.
✍️ The Metrix




Comments
Post a Comment