ගැලුමක් ඩොලර් මිලියන 39ක් වන ලොව මිල අධිකම දියරය - ගෝනුසු විෂ

 


ඔයාල දන්නවද මෙච්චර දියර වර්ග තියෙන ලෝකයේ මිල අධිකම දියරය වෙන්නේ ගෝනුස්සන්ගේ විෂ කියලා. ඔව් සාමාන්‍යයෙන් ගෝනුෂු විෂ ගැලුමක් වෙලදපොළේ $39 million කට විතර අලෙවි වෙනවා. ඒත් ඇයි ඒ වගේ දෙයක් මෙච්චර මිල අධික?

ඒකට හේතු ගොඩක් තියෙනවා. මුලින්ම කියන්නම්කෝ හැම ගෝනුස්සගෙම විෂ මෙච්චර මිලකට අලෙවි වෙන්නෑ. සාමාන්‍යයෙන් උතුරු අප්‍රිකාවේ සිට මැද පෙරදිග දක්වා කාන්තාර සහ ලඳු කැලෑ වාසස්ථානවල දක්නට ලැබෙන Deathstalker කියන ගෝනුසු වර්ගයේ විෂ තමා මෙච්චර ගණන්. ඕක මුලින්ම කිව්වේ නැත්තම් ඊලගට ලංකාවේ ඉන්න ගෝනුස්සෝ ටිකටත් අපේ අයියලා වැඩේ දෙයි.😁

සාමාන්‍යයෙන් ගෝනුස්සෙක්ගේ විෂ ගොඩක් එකතු කරන එක ලේසි වැඩක් නෙමේ. එක ගෝනුස්සෙක්ගෙන් එක් වරකදි ගන්න පුලුවන් විෂ 2mg ක් විතර ප්‍රමාණයක්. එතකොට විෂ ගැලුමක් එකතු කරන්න වාර මිලියන 2.64ක් විතර උත්සහ කරන්න වෙනවා. අනිත් එක මේ විෂ එකතු කරන්නෙත් සම්පූර්ණයෙන් අතින්ම. ඉතින් මේ වගේ ගොඩක් වෙහෙසකර හා අවධානම් කාර්යයක් හින්දා තමා ප්‍රධාන වශයෙන්ම මේ ගෝනුසු විෂ මෙච්චර මිල අධික වෙලා තියෙන්නේ.

අනිත් එක මේ deathstalker කියන ගෝනුසු වර්ගය හොයා ගන්නත් හරි අමාරුයි. උඩ කිව්වා වගේම මේ සත්තු බහුලවම ඉන්නේ අප්‍රිකාවේ හා මැදපෙරදිග ලදු කැලෑ හා කාන්තාර වල.

ඊලග හේතුව තමා මේ deathstalker කියන ගෝනුස්සන්ගේ විෂ යොදාගෙන ගොඩක් ඖෂධ වර්ග නිපදවනවා. පිළිකා, ඇල්සයිමර් සහ ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධ වැනි විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී විභව භාවිතයන් සහිත සංකීර්ණ ප්‍රෝටීන් මේ ගෝනුසු විෂෙහි අඩංගු වෙනවා. ඒ වගේම බොහෝ අධ්‍යයනයන් මගින් ගෝනුස්සන්ගේ විෂ වේදනා නාශකයක් ලෙසත් ලූපස් සහ රූමැටොයිඩ් ආතරයිටිස් වැනි රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙසත් ඵලදායී බව පෙන්වා දී ඇත. මේකත් මේ deathstalker ගෝනුස්සන්ගේ විෂ මෙච්චර මිල අධික වෙන්න ප්‍රධාන හේතුවක්.


තව හේතුවක් තමා කොහොම හරි අමාරුවෙන් ගෝනුසු විෂ එකතු කර ගත්තත් ඖෂධ වැනි දෑ නිපදවන්න මේ විෂ එක පාර යොදා ගන්න බෑ. මේ විෂ වල සමහර රසායනික සංයෝග තියෙනවා මිනිසුන්ට විෂ වෙන්න පුලුවන්. ඉතින් අවශ්ය සංයෝග ලබා ගන්න කරන්න ඕන පිරිපහදු ක්‍රියාවලි හේතුවෙන් තවත් මිල අධික වෙනවා මේවා.

ඉතින් මෙච්චර මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙන ගෝනුස්සන් අල්ලා ගැනීම සහ විෂ එකතු කර ගැනීම සම්බන්ධයෙන් සදාචාරාත්මක ගැටළු පවතිනවා. ගෝනුස්සන්ගේ ජනගහනයට අවම හානියක් සහතික කිරීම සඳහා වගකීම් සහගත පිළිවෙත් සහ තිරසාර ක්‍රම අත්‍යවශ්‍යය දෙයක් වෙලා මේ වෙද්දි. මේ හේතූන් නිසාම වර්තමානයේ දී පර්යේෂකයන් පරයේෂණ සහ සංවර්ධනය සඳහා වඩාත් තිරසාර සහ පාලිත මූලාශ්‍රරයක් සැපයිය හැකි, රසායනාගාරයේ විෂ සංරචක සංස්ලේෂණය කිරීමේ හෝ වගා කිරීමේ හැකියාව ගවේෂණය කරමින් සිටිනවා.

😉Follow us: The Metrix 


Comments

Popular posts from this blog

ඔයාගේ කටෙත් කවදා හරි මේ වගේ තුවාල ඇති වෙලා තියෙනවද? 😩

ලෝක ඉතිහාසයේ මෙතෙක් අත් හදා බලා ඇති ප්‍රබලම බෝමබය Tsar

පවතින බව දන්නා නමුත් සාම්ප්‍රධායික භෞතික විද්‍යාවට අභියෝග කරන මොනාද මේ ආන්ත වස්තූන් | Extream Objects