හිරෝෂීමාවට හෙලන ලද පරමාණු බෝම්බය මෙන් 2000 ගුණයක ප්‍රභලත්වයකින් යුත් ගස් මිලියන 80ක් අළු කර දැමූ තුන්ගුස්කාන් පිපිරීම.
1908 ජූනි මාසයේ එක් උදෑසනක, දුරස්ථ සයිබීරියානු පාළුකරය හරහා දැවැන්ත පිපිරීමක් දෝංකාර දුන්නේය. දැනට තුන්ගුස්කා සිදුවීම ලෙස හඳුන්වන මෙම සිදුවීම 20 වැනි සියවසේ විශාලතම අභිරහසක් ලෙස පවතී. නිශ්චිත ප්‍රබලත්වය වසර ගණනාවක් පුරා විවාදයට හා සංශෝධනයට ලක්ව ඇතත්, විද්‍යාඥයන් සාමාන්‍යයෙන් එකඟ වන්නේ මෙම පිපිරීම TNT මෙගාටොන් 10 - 30 ත් අතර ප්‍රබලත්වයකින් යුක්ත බවයි. TNT මෙගාටොන් 30 ක් යනු ජපානයේ හිරෝෂීමාවට හෙලන ලද පරමාණු බෝම්බය මෙන් 2000 ගුණයක පමණ ප්‍රබලත්වයකි.
වර්ග සැතපුම් 830 (කිලෝමීටර් 2,150) ප්‍රදේශයක ගස් මිලියන 80 ක් පමණ සමතලා කළ පිපිරීමක් වුවද මෙහි ඇති පුදුමය දනවන කාරණය නම් පොළව මත කිසිදු ආවාට සලකුණක් මින් ඇති කර නොතිබීමයි. එසේම සැලකිය යුතු පාෂාණ සලකුණුද බිම පතිත වී නෑ.
නමුත් මෙලෙස පිපිරීමක් ඇති වූ බවට ගුවන් තරංග එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී මෙන්ම ජර්මනිය, ඩෙන්මාර්කය, ක්‍රොඒෂියාව සහ ඉන්දුනීසියාව ඉතා දුරින් පිහිටි රට වල පවා සටහන් වෙලා තියෙනවා. පිපිරීම ඇසින් දුටුවෙක් එය විස්තර කර ඇත්තේ "අහස දෙකට බෙදී ගිහින් මුළු උතුරු පැත්තම ගින්නෙන් වැසී ගියා. ඒ වෙලාවේ මගේ කමිසය ගිනි ගන්නවා වගේ මට දරාගන්න බැරි තරමටම ගින්න තිබුණු උතුරු පැත්තෙන් තද රස්නයක් ආවා" බවයි.
විද්‍යාඥයින් මේ පිලිබද එක් මතයක් ලෙස යෝජනා කරන්නේ මෙම ග්‍රාහකය පෘථිවි පෘෂ්ඨයේ ගැටීමට වඩා, නොගැඹුරු කෝණයකින් පැමිණ පොළවේ සිට සැතපුම් හයක් පමණ ඉහළින් අධික පීඩනයකට හා තාපයකට ලක්ව තත්පරයට සැතපුම් 12.4ක (තත්පරයට කිලෝමීටර් 20ක) වේගයකින් සැතපුම් 6.2 සිට 9.3 දක්වා (කිලෝමීටර් 10 සිට 15 දක්වා) උන්නතාංශයකට ළඟා වී අර්ධ වශයෙන් බිඳී නැවත අභ්‍යවකාශයට ගොස් ඇති බවයි. මෙලෙස යලි යන විට එහි බර ටොන් මිලියන තුනකින් පමණ අඩු වී ඇති බවටද වාර්තා වෙනවා.
ගණනය කිරීම්වලින් පෙන්නුම් කරන පරිදි උල්කාපාතය අපිකේන්ද්‍රය හරහා තත්පරයක් පමණ පියාසර කර ඇත.
සයිබීරියානු ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ සම-කර්තෘ සර්ජි කාර්පොව් සයිබීරියානු ටයිම්ස් වෙත පවසා ඇත්තේ “වර්තමානයේ, ටුන්ගුස්කා සංසිද්ධියේ ස්වභාවය පිළිබඳ උපකල්පන 100 කට වඩා තිබෙන බවයි".
මෙම උල්කාවේ අවසාධිත තැන්පතු කිසිවක් සොයා නොගත්තද, 2020 වසර මුලදී පර්යේෂකයන් විසින් පිපිරුමේ කේන්ද්‍රයේ සිට සැතපුම් 25ක් පමණ දුරින් පිහිටි Zapovednoye විලෙහි පිපිරීමෙන් ක්ෂණික ප්‍රතිඵලයට අදාළ අවසාදිතයන් හමු වූ බවට වාර්තා කර ඇත. එම අවසාදිත ස්ථරයේ අන්තර්ගත පොටෑසියම්, ටයිටේනියම්, රුබීඩියම්, යිට්‍රියම් සහ සර්කෝනියම් තුන්ගුස්කා පිපිරීමේ ප්‍රතිවිපාක සමඟ බැඳී ඇති බව ඔවුහු යෝජනා කළහ.
තුන්ගුස්කා සිදුවීම අපගේ ග්‍රහලෝකය කොස්මික් බලපෑම්වලට ඇති අවදානම පිළිබඳ පැහැදිලි මතක් කිරීමක් ලෙස ක්‍රියා කරයි. නුදුරු අනාගතයේ දී තවත් එවැනි සිදුවීමක් සිදුවීමේ සම්භාවිතාව සාපේක්ෂව අඩු වුවද, විය හැකි ප්රතිවිපාක ව්යසනකාරී වේ. අපේ පෘථිවි ග්‍රහලෝකයට තර්ජනයක් විය හැකි පෘථිවියට ආසන්න වස්තූන් හඳුනා ගැනීමට සහ ඒවා නිරීක්ෂණය කිරීමට ලොව පුරා විද්‍යාඥයන් වෙහෙස නොබලා වෙහෙසෙන්නේ මේ නිසාය.





Comments
Post a Comment