7 Prompts to Learn Faster and Retain More in ChatGPT | chatGpt මගින් වේගයෙන් යමක් ඉගෙන ගැනීමට prompt 7

 නිමක් නැති තොරතුරු ලෝකයක වේගයෙන් ඉගෙන ගැනීම කියන්නේ පුද්ගලයෙක්ට තියෙන ඉතා වටිනා හැකියාවක් සේම විශාල අවස්ථාවන් රාශියක්  ඉක්මනින් ලගා කර ගැනීමට තියෙන අශිර්වාදයක්. ඉතින් අද වන විට ලෝකයේ බහුතරයක් මේ AI තාක්ෂණය සමග තමන්ගේ ඉගැනීම් කටයුතු කරන්න පෙළඹිලා තියෙනවා. මේ සදහා වැඩි දෙනෙක් භාවිතා කරන්නේ chatGPT කියන language model එක. නමුත් මේක කොච්චර භාවිතා කරත් බහුතරයක් තාම දන්නෑ මේකෙන් කොහොමද ඉතා කාර්යක්ෂමව හා සරලවම තමන්ගේ කාර්යය හෝ අධ්‍යාපන කටයුත්ත කර ගන්නේ කියලා.

ඉතින් අද මන් මේ ඔයාලට ලබා දෙන prompt 7 භාවිතා කරලා ඔයාලට පුලුවන් ඔයාල නොදන්නා ඕනම දෙයක් ඉතා සරලව chatGPT තුලින් ඉගෙන ගන්න. එහෙනම් යමු අද මාතෘකාවට,

1. ඔයාට මොනා හරි ඉතා සංකීර්ණ මාතෘකාවක් සංක්ෂිප්ත කරලා සරලව ඉගෙන ගන්න අවශ්‍ය නම් මේ පහලින් දාලා තියෙන prompt එක දීලා බලන්න chatGPT එකට. මේ prompt එක මගින් ඔයාට real world example සමගම අදලා සංෂිප්ත කරනය ලබා ගන්න පුලුවන්.

prompt: Act as a Subject Matter Expert and summarize [topic] in simple terms, using real-world examples. Break it down step by step for easy understanding.


2. ඔයාට මොකක් හරි ඉතා සංකීර්ණ මාතෘකාවක් chatGPT තුලින් වයස අවුරුදු 5ක් වන කුඩා ලමයෙකුට කියා දෙන ආකාරයට ඉතාමත් සරලව ඉගෙන ගැනීමට අවශ්‍ය නම් මේ පහලින් තියෙන prompt එක chatGPT ට දෙන්න.

prompt: Act as a Patient Teacher and explain [topic] in the simplest way possible, as if you're teaching a 5-year-old. Use analogies and simple language to make it easy to grasp.


3. ඔයාටම කියලා වෙන් වුණ daily/weekly study plan එකක් හදාගෙන මොනා හරි මාතෘකාවක් ගැන පරතෙරටම ඉගෙන ගන්න ඔයාට දැන් පුලුවන් මේ chatGPT එක හරහාම. ඒකට මේ පහල තියෙන prompt එක chatGPT ට දෙන්න විතරයි ඕනේ. බලන්නකෝ ඒකත් try කරලා කොච්චර සාර්ථකද කියලා.

prompt: Act as a Learning Coach and create a [daily/weekly] study plan to master [subject]. Include key topics, recommended study techniques, and time allocations based on a [X]-week schedule.


4. කොච්චර try කරත් තාමත් ඔයාගේ බුද්ධි මට්ටමට තේරෙන විදියට යමක් තේරුම් කරන්න තාමත් chatGPT එකට බැරිද. ඒනම් මේ prompt එක දීලා බලන්න. මේකෙන් එයා ඔයාට ප්‍රශ්න වගයක් දීලා ඒවට ඔයා උත්තර දීලා තියෙන විදිය අනුව ඔයාගේ තේරුම් ගැනීමේ හැකියාව කොච්චරක්ද කියලා නිගමනේකට ඇවිත් ඒ අනුව අදාල දේ ඔයාට තේරුම් කරන්න chatGPT එකට පුලුවන්.

prompt: Act as a Quiz Master and generate a quiz with [X] multiple-choice and open-ended questions on [topic]. After I answer, provide explanations for each correct response.


5.  ඔයා flash card හදලා තියෙනවා නේද. ඒ කියන්නේ මොනා හරි පාඩමකට අදාලව එක පැත්තක questions අනිත් පැත්තේ ඒකට අදාල answers එන විදියට හදන්නේ පොඩි note එකක්. දැන් ඔයාගේ පාඩමට අදාල flash card එක chatGPT ට දීලම හදා ගන්න පුලුවන් කියලා දන්නවද? ඒකට මේ පහල තියෙන prompt එක දීලා බලන්න. 

prompt: Act as a Memory Expert and convert these study notes into a set of flashcards with questions on one side and answers on the other: [Insert notes].


6. ඔයා පොඩි කාලේ මොනා හරි නොදන්නා දෙයක් ගැන ඒ ගැන දන්න ඔයාගේ යාලුවෙක්ගෙන් අහලා ඉගෙනගෙන තියෙනවා නේද? සමහර ඔයා එහෙම දන්න දේවල් දන්නැති යාලුවන්ට කියලා දීලත් ඇති. මේක සමහර වෙලාවට අදාල ගුරුවරයා කියලා දෙනවටත් වැඩිය සාර්ථකව යමක් තේරුම් ගන්න පුලුවන් ක්‍රමයක්. දැන් මේ දේ ඔයාට chatGPT එක හරහාත් කර ගන්න පුලුවන් මේ පහලින් තියෙන prompt එක දුන්නොත්. try try try

prompt: Act as a Student Learning Partner and have me teach you [topic]. Ask questions as if you are learning it for the first time, challenging my understanding along the way.


7. අපේ අන්තිම prompt එක විදියට මන් ඔයාලට දෙන මේ හරහා ඔයාලට chatGPT එක තුලින් මතකය වැඩි දියුණු කරන මනෝ විද්‍යාත්මක ක්‍රම කීපයකට ඔයාලට අවශ්‍ය අධ්‍යාපන කටයුත්ත කර ගන්න පුලුවන්. ඒනම් කියනවට ගිහින් මේකත් try කරන්නකෝ..

prompt: Act as a Cognitive Science Expert and suggest the best memory techniques (mnemonics, mind maps, active recall, etc.) for learning [subject]. Explain why they work and how to apply them.



Comments

Popular posts from this blog

ඔයාගේ කටෙත් කවදා හරි මේ වගේ තුවාල ඇති වෙලා තියෙනවද? 😩

ලෝක ඉතිහාසයේ මෙතෙක් අත් හදා බලා ඇති ප්‍රබලම බෝමබය Tsar

පවතින බව දන්නා නමුත් සාම්ප්‍රධායික භෞතික විද්‍යාවට අභියෝග කරන මොනාද මේ ආන්ත වස්තූන් | Extream Objects