අභ්යවකාශයේදී ගැබ්ගත් ප්‍රථම අපෘෂ්ඨවංශිකයා වන්නේ Nadyezhda නමින් හදුන්වන කැරපොත්තාය. Nadyezhda (රුසියානු: Надежда, හෝප්) යනු රුසියානු විද්‍යාඥයින් විසින් 2007 සැප්තැම්බර් 14 සහ 26 අතර කාලය තුළ ෆොටන්-එම් 3 ජෛව චන්ද්‍රිකා පියාසැරිය අතරතුර අභ්‍යවකාශයට යවන ලද කැරපොත්තෙකි. වොරොනෙෂ් සිට මෙහෙයුම නිරීක්ෂණය කළ විද්‍යාඥයින් නිවේදනය කළේ Nadyezhda අභ්‍යවකාශයේදී ගැබ්ගෙන නැවත පෘථිවියට පැමිණි පසු පැටවුන් 33 දෙනෙකු සාර්ථකව බිහි කළ බවයි. විස්මයජනක කරුණ නම් අභ්‍යවකාශයේදී ගැබ්ගත් මෙම කැරපොතු පැටවුන් පෘථිවියේදී ගැබ්ගන්නා අනෙකුත් සාමාන්‍ය කැරපොතු පැටවුන්ට වඩා වේගයෙන් වර්ධනය වීම හා ජවසම්පන්න භාවයෙන් යුක්ත වීමයි.
Nadyeshda කැරපොත්තන්ට තිබූ අස්වාභාවික යැයි සැලකූ දෙය නම්, ඔවුන්ගේ කැරපේස් ඔවුන්ගේ ජීවන චක්‍රයේ පසුකාලීනව අඳුරු ස්වරය වර්ධනය කරන ස්වාභාවික තත්වයන්ට සාපේක්ෂව බොහෝ කලකට පෙර අඳුරු වී තිබීමයි. නමුත් කැරපොත්තන්ගේ ඉතිරි තත්වයන් සහ ධාරිතාවන් සාමාන්‍ය තත්ත්වයේ පැවතුනි. පසුව වාර්තා වූයේ අභ්‍යවකාශයේ උපන් කෘමීන්ගෙන් එක් අයෙකුට උපත ලැබූ Nadyeshda ගේ මුණුබුරන් පෘථිවියේදි සාමාන්ය කැරපොත්තන් බිහි කළ බවත්, වෙනත් ඕනෑම කැරපොත්තෙකුගේ ජීවන චක්රයට සමාන වර්ධනයක් ඇති බවත්ය.
කෙසේ වෙතත් අභ්යවකාශයේදී ගැබ්ගත් බවට වාර්තා වන පළමු සත්වයා වන්නේ මීයෙකි. 1983 දී, සෝවියට් Bion 6 (Cosmos 1514) මෙහෙයුමේදී, ක්ෂුද්ර ගුරුත්වාකර්ෂණයේ ප්‍රජනනය අධ්‍යයනය කිරීම සඳහා ගැහැණු මීයන් කීපදෙනෙකු අභ්‍යවකාශයට යවා ඇත. එහි පශ්චාත්-මෙහෙයුම් විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ සමහර මීයන් ඩිම්බ මෝචනය කර අභ්‍යවකාශයේදී පවා පිළිසිඳගෙන ඇති බවත්, පෘථිවියෙන් පිටත ක්ෂීරපායීන් තුළ ගැබ් ගැනීම පිළිබඳ පළමු ලේඛනගත අවස්ථාව සනිටුහන් කළ බවත්ය. කෙසේ වෙතත්, මෙහෙයුමේ කෙටි කාලය සහ අනෙකුත් පර්යේෂණාත්මක සීමාවන් හේතුවෙන් ගැබ්ගැනීම් කිසිවක් පූර්ණ කාලීනව සිදු නොවීය.
එබැවින්, අභ්‍යවකාශයේ පළමු ගර්භනී සත්වයා මීයෙකු විය හැකි වුවද, අභ්‍යවකාශයේ සාර්ථක සජීවී උපත් පසුව නෙමටෝඩාවන් (ක්ෂුද්ර පණුවන්) සහ මත්ස්යයන් (මෙඩකා සහ සීබ්රාෆිෂ්) වැනි අනෙකුත් විශේෂ සමඟ ලබා ගන්නා ලදී.
තවත් වැදගත් කරුණක් නම් ඇතැම් පුද්ගලයින් Nadyeshda කැරපොත්තන් අභ්‍යවකාශයේදි දරු ප්‍රසූතියක් කල පලමු අපෘෂ්ඨවංශිකයා ලෙස සැලකීමයි. නමුත් මේ කතාව ඇත්තටම වැරදි මතයක්. ඇත්තටම Nadyeshda අභ්‍යවකාශයේදී ගැබ් ගත්තා, නමුත් ඇය නැවත පෘථිවියට පැමිණීමෙන් පසුව තමා දරු ප්‍රසූතිය සිද්ද කරේ. ඒ හින්දා කැරපොතු පැටවුන් තාක්ෂණිකව අභ්‍යවකාශයේ උපත ලැබුවේ නැහැ.
.
.
.
Follow us: The Metrix
සතෙකු "අභ්‍යවකාශයේ උපත" ලෙස සැලකීමට නම්, එය ක්ෂුද්ර ගුරුත්වාකර්ෂණයේ සිටියදී පිළිසිඳ ගැනීම සහ ප්‍රසූතිය යන දෙකම කළ යුතුයි. Nadyeshda ගේ ප්‍රශ්නයේදී, සංසේචනය මෙහෙයුමට පෙර හෝ අතරතුර සිදු විය හැකි නමුත් සැබෑ උපත පෘථිවියේ සිදු උනේ.
හැබැයි උභයජීවීන්, මාළු සහ කෘමීන් සමඟ කරන ලද සමහර අත්හදා බැලීම් සැබෑ අභ්‍යවකාශ උපත් වාර්තා කර තියෙනවා, නමුත් කිසිදු ක්ෂීරපායි සත්වයෙක් තවමත් සම්පූර්ණයෙන්ම අභ්‍යවකාශයේ උපත ලබලා නෑ.
0 Comments