ඔයාල විශ්වාස කරනවද අභ්‍යවකාශයේ ඉදන් 1m ක විශ්කම්භයක් සහිත යකඩ ගෝලයක් වායුගෝලයේදී විනාශ නොවී ඇවිත් පෘථිවි පෘෂ්ඨයේ වැදුනහොත් ඉන් පරමාණු බෝම්බ 4කටත් වඩා වැඩි ශක්තියක් මුදා හරිනවා කියලා. ඔව්. ඒත් කොහොම එහෙම වෙන්නේ?
මුලින්ම කියන්න ඕනේ මන් මේ කියන සංඛ්‍යාත්මක දත්ත හා හානි සරල ගණනය කිරීම් වලින් ගත්තු ඒවා. මෙයිට වැඩිය නිවරැදිව මෙයින් වෙන හානිය හා සංඛ්‍යාත්මක අගයන් ඉදිරිපත් කරන්න නම් සංකීර්ණ ගණනය කිරීම් සිදු කරන්න ඕනේ.
සාමාන්‍යයෙන් අභ්‍යවකාශයේ සිට එන 1m ක විශ්කම්භයක් සහිත යකඩ ගෝලයක් වායුගෝලයේදී විනාශ නොවී පෘථිවි පෘෂ්ඨයෙහි වැදුණොත් ඒකෙන් 1.49m පමණ විෂ්කම්භයක් සහිත ආවාටයක් හැදෙනවා. මේ විදියට පාෂාණමය ග්‍රහලෝක මත ආවාට සෑදෙන ආකාරය සඳහා Holsapple-Schmidt පරිමාණ නියමය භාවිතා කරමින් තමා ගණනය කිරීම් සිදු කරන්නේ.
ඔයාල දැන් කල්පනා කරයි 1.49m ක විශ්කම්භයක් සහිත ආවාටයක් හැදෙන යකඩ ගෝලයකින් අර වගේ විශාල හානියක් කරන්න පුලුවන් ද කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් මේ විදියට ගෝලයක් අභ්‍යවකාශයේ ඉදන් එන්නේ අති විශාල ප්‍රවේගයක් එක්ක. ඉතින් ඒ වගේ ප්‍රවේගයකින් එන වස්තුවක චාලක ශක්තිය පෘථිවි පෘෂ්ඨය මත වදිද්දි TNT කිලෝ ටොන් 61.77ක පිපිරීමට සමාන ශක්තියකට පරිවර්තනය වෙනවා. හිරෝෂීමාවට වැටුණ පරමාණු බෝම්බයත් TNT කිලෝටොන් 15යි.
ඒ කියන්නේ මේ යකඩ ගෝලයේ බලපෑමෙන් හිරෝෂිමා බෝම්බයේ පුපුරන ද්‍රව්‍ය මෙන් හතර ගුණයකටත් වඩා වැඩි ශක්තියක් මුදා හරිනවා. ඒ වගේම මේ බලපෑමට පෙර ගෝලය ගැලවීමේ ප්‍රවේගයට (තත්පරයට කි.මී. 11.2ක් පමණ) ළඟා වුවහොත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ආවාටය සහ පිපිරුම සැලකිය යුතු ලෙස විශාල විය හැකි අතර, සාගරයකට වැටුණොත් සුනාමි තත්වයන් පවා ඇති වෙන්න පුලුවන්..
තව කාරණයක් තමා පරමාණු බෝම්බයක පිපිරුම් අරය හා සසඳන විට ඇස්තමේන්තුගත ආවාටයේ විෂ්කම්භය මීටර් 1.49 තරම් කුඩා උනාට ආවාටය නියෝජනය කරන්නේ බලපෑමෙන් ඇති වූ දැඩි දේශීය හානිය විතරයි. ඒත් අවට ප්‍රදේශයට බලපාන සැලකිය යුතු කම්පන තරංග, භූ කම්පන සහ විභව නායයෑම් හේතුවෙන් ආවාටයට වඩා විශාල ප්‍රදේශයකට මින් හානි සිදු වෙනවා.
නමුත් වායුගෝලීය අන්තර්ක්‍රියා මගින් බලපෑමට පෙර ගෝලය බිඳී, හානිය අවම කරන්න පුලුවන්. හැබැයි ගෝලය එහි අඛණ්ඩතාව පවත්වා ගෙන ගියොත් නම්, පරමාණු බෝම්බයක වඩාත් පුළුල්ව පැතිරුනු බලපෑම් හා සසඳන විට බලපෑම් ලක්ෂ්යයේ සාන්ද්‍රිත ශක්තිය මුදා හැරීම ඊටත් වඩා දරුණු දේශීය විනාශයක් ඇති කළ හැකියි.
ඒ වගේම පරමාණු බෝම්බයක් සහ අධි ප්‍රවේග යකඩ ගෝලයක් යන දෙකම විශාල හානියක් සිදු කරත්, මේ දෙකේ විනාශයේ ස්වභාවය සහ විෂය පථය සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා. ගෝලයේ බලපෑම වඩාත් තීව්‍ර, ප්‍රාදේශීයකරණය වූ විනාශකාරී ප්‍රදේශයකට හේතු විය හැකි අතර පරමාණු බෝම්බයක පිපිරුම එහි විනාශකාරී බලපෑම් පුළුල් පරාසයක් පුරා පැතිරෙනු ඇත.
ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රමාණයක ගෝලයක් පෘථිවි පෘෂ්ඨයේ වදින්න කලින් වායුගෝලයෙන් ඉවත් වීමට හෝ කුඩා කැබලිවලට කැඩෙනවා. එහෙම වෙන්නේ ගෝලය පෘථිවි වායුගෝලයට ඇතුලෙ වෙද්දි ඇති වන අධික ඝර්ෂණය තුලින් ජනනය වන සෙල්සියස් අංශක දහස් ගණනක උෂ්ණත්වය නිසා. මෙහෙම ගෝලය කුඩා කැබලි වලට කැඩුණහොත් මෙයින් වෙන සමස්ත බලපෑම් හානිය අඩු කරනවා.
.
.
.
Follow us: The Metrix
මතක තියා ගන්න ඕනේ කාරණයක් තමා මේවා න්‍යායික අවස්ථා මත පදනම් වූ සරල කළ ඇස්තමේන්තු කියලා. හැබැයි මින් වන සත්‍ය බලපෑම් සිදුවීමට ප්රතිඵල වෙනස් කළ හැකි සංකීර්ණ භෞතික ක්‍රියාවලීන් සහ පාරිසරික සාධක ඇතුළත් වෙනවා. කෙසේ උනත් සාපේක්ෂව කුඩා වස්තූවක් උනත් අධික ප්රවේගයකින් ඇවිල්ලා පෘථිවි පෘෂ්ඨය මත ගැටුණොත් ඉන් හිතා ගන්න බැරි විශාල හානියක් වෙනවා කියන එක දැනගෙන ඉන්න ඔයාල..
මේ වගේ කුතුහලය දනවන විද්යාත්මක, තාක්ෂණික වගේම සාමාජීය තොරතුරු දැන ගන්න කැමති නම් එකතු වෙන්න අපේ page එකත් එක්ක..
මතක තියා ගන්න ඕනේ කාරණයක් තමා මේවා න්‍යායික අවස්ථා මත පදනම් වූ සරල කළ ඇස්තමේන්තු කියලා. හැබැයි මින් වන සත්‍ය බලපෑම් සිදුවීමට ප්රතිඵල වෙනස් කළ හැකි සංකීර්ණ භෞතික ක්‍රියාවලීන් සහ පාරිසරික සාධක ඇතුළත් වෙනවා. කෙසේ උනත් සාපේක්ෂව කුඩා වස්තූවක් උනත් අධික ප්රවේගයකින් ඇවිල්ලා පෘථිවි පෘෂ්ඨය මත ගැටුණොත් ඉන් හිතා ගන්න බැරි විශාල හානියක් වෙනවා කියන එක දැනගෙන ඉන්න ඔයාල..
මේ වගේ කුතුහලය දනවන විද්යාත්මක, තාක්ෂණික වගේම සාමාජීය තොරතුරු දැන ගන්න කැමති නම් එකතු වෙන්න අපේ page එකත් එක්ක..

0 Comments